Yourth eye

Yourth eye
Ajantha

Friday, June 3, 2016



අලගල්ල
ලගල්ල යනු මධ්‍යම  හා සබරගමු දෙපලාතටම අයිති කඳු පන්තියකි.උස මීටර 1140 කි. එය ශත වර්ශ පහක් මුළුල්ලේම පෘතුග්‍රීසී, ලන්දේසි, ඉංග්‍රීසි යනාදි බටහිර ජාතීන්ගේ (ක්‍රි.ව. 1505 – 1948) බුදු දහමට හා සිංහල සංස්කෘතියට එල්ලවන බලපෑම නවතාලූ ස්වාභාවික බාධකයක් වැන්න.බටහිර ජාතීන් ඔවුන්ගේ පාලන කාලවලදී වරින්වර උඩරට රාජධානිය ඉලක්ක කරමින් යුද්ධ ආක්‍රමණ සිදු කලද අලගල්ල කඳු පන්තිය නිසා ඔවුන්ට දිගටම වෙරළබඩ ප්‍රදේශවල රැඳී සිටීමට සිදුවිය.කන්ද උඩරට රජකල රජවරුන් ඔවුන්ගේ පාලන කාලය තුල බලන කොටුවෙහි රැඳී සිටි යුධ සේනාවන් මගින් ආක්‍රමණකාරී විදේශීය හමුදා පරාජය කරන ලදී.කඩුගන්නාව සහ අලගල්ල කඳු අතර පිහිටා ඇති   බලන කොටුව විදේශීය බලවේග වලින් සිංහල රාජධානිය රැකගැනීමට ‍ගොඩනැගුණු ප්‍රධාන බල කඳවුරකි.

කොළඹ සිට නුවර මාර්ගයේ දුම්රියෙන් පැමිණ ඉහල කෝට්ටේ දුම්රිය ස්ථානයෙන් බැස ඉහලකෝට්ටේ  ගම මැදින් මෙම ස්ථානයට පිවිසිය හැක.මෙහි එක් පසෙකින් මීටර 30 ක් පමණ උස දිය ඇල්ලකි.නමින් දික්කැන්ද ඇල්ල නමි.මෙම කඳු කලාපය අවට පරිසරය  ජෛවවිවිධත්වයෙන් අනූනය.කඳු මුදුනට පිවිසි විට බතලේගල, දෙවනගල,අම්බුළුවාව ආදී කඳු ද පසෙකින් හන්තාන කඳුවැටියද දැකිය හැක. එය සැබවින්ම ජෛව විවිධත්වයෙන් අනූන පරිසර පියසකි.


අලගල්ලේ ඉතිහාසය
අලගල්ල කන්ද තරණය කරනුයේ  සෑම වසරකම පෙබරවාරි මස 04 වන දිනයි.එයට හේතුවන රසවත් කථාවක් ඇත.1948 වර්ෂයේ ශ්‍රී ලංකාව යටත් විජිතවාදීන්ගේ නිදහස ලැබූ වර්ෂයයි.නමුත් එවක සිටි .ග්‍රාමීය ජනතාවට නිදහස යනු කුමක්දැයි අවබෝධයක් තිබී නොමැත. එමනිසා කොළඹට ලැ‍බෙන මෙම අපූරු නිදහස කුමක්දැයි දැන ගැනීමට ඔවුන්ට දැඩි කුකුසක් ඇතිවිය.එදා අද මෙන් ගමනාගමන පහසුකම් හා සන්නිවේදන පහසුකම් දියුණුව නොතිබූ හෙයින් අලගල්ල අවට ගම්වාසීන් තීරණය කළේ තම ගම්පියසේ උසම ස්ථානයකට නැග අගනුවර පවතින ප්‍රදේශය කිරීක්ෂණය කිරීමයි.ඒ සඳහා ඔවුහු අලගල්ල ක්නද තෝරාගත් අතර 1948 පෙබරවාරි 04 වන දින උදෑසනම එය තරණය කළේය.පසුව ඔවුන් අගනුවර පැවැති දිශාව උදේ සිට සවස්වන තුරු බලා සිටියද දැකපු නිදහසක් නම් නොවූයේය.නමුත් කඳුමුදුනට නැගි ඔවුන් දුටු හාත්පස දර්ශණයේන් මුසපත්වී ගියේය.


පසුව, සවස කඳු තරණය කළෝ නැවත සිය නිවෙස්බලා ගියහ.එහිදී කඳුතරණයට එක් නොවූවෝ , නුඹලා සුද්දන් ලබාදුන් නිදහස දැක්කෙහිදැයි විමසා සිටියහ.එවිට කඳුනැගි අය පවසා සිටියේ නිදහස දැක්ක බවත්, එවන් නිදහසක් මින්පෙර කිසිදිනෙක නුදුටු බවත්ය.පසුව, අන් අයටද මෙම නිදහස නැරඹීමට ආශාවක් ඇතිවිණි.එදාසිට අද දක්වාම නිදහස් දිනට මෙම කන්ද තරණය කරති.සැබෑ නිදහස භුක්ති විඳිති.







HISTORY OF ALAGALLA
Alagalla mountain are climbed in every independence day. There is a sweet reason for that.1948 is getting the freedom from united kingdom. But, rural people don’t know about freedom what is this? Therefor they have suspect about freedom and decided to climbed  Alagalla Mountain. After that they are waiting for see freedom but they didn’t see it. But, they happiness because of seen their surroundings.
Then hikers went to their home in the evening. Non hikers asked about freedom. They told we saw that and never seen like this before. After that villagers is pay their attention to climbed Alagalla to see freedom. I am also member of them.