Yourth eye

Yourth eye
Ajantha

Tuesday, May 24, 2016

HADANIWELA AMBALAMA



HADANIWELA  AMBALAMA


When we talk about any temple which built by cave or rock land, there is one of name that who is the King Walagamba. (103BCE-77BCE). Before his coronation, he had spended in secret places due to enemy attacks in the island wide including Gampaha. After his crowning ceremony that caves and hiding places were converted as the temples. Pilikuththuwa, warana, Aththanagalla can be mentioned as the examples. So, we discuss about another day.

Now we are going to explore the construction, categorized as important ancient ruins. Hadaniyawela Ambalama is the place. In accordance with legends, one of  Queen’s wig (King Walagamba) has vanished in here. There for create a name like Hawariwela, many moons ago. Eventually Hawariwala converted to Hadaniwela.


However, who has the created this ambalama ;he is a aestheticologist. Consider about envierment of around this area, it is not exaggerated. It built up on whir of Aththanagalu Oya. Ambagaspitiya Faddy field have another side. Therefore it has a beautiful view. Because of some factors, arise a suspect as a used it to measuring water level of AthanagaluOya. Reson for that, the posts of here, has marks of water level. Huge four stones spread  on the Natural rock and created it by the wooden post. But wooden post not decay yet. It is exclamation for the architectures.


So, I think you get a good knowledge about one of our heritage. You go see, but don’t destroyed.


හැඩනියවෙල අම්බලම

අප රටේ යම් ගල්ගෙයක් හෝ පර්වත ආශ්‍රිත පන්සලක් ගැන කියවෙන විට නිබඳවම කියැවෙන නමක් වේ.ඒ වළගම්බා රජතුමායි.එතුමන් රාජාභිෂේකයට පත්වීමට පෙර ගම්පහ දිස්ත්‍රික්යේද සැඟවුණු තැන් බොහෝය.පිළිකුත්තුව,වාරණල,ඇත්ගාල ආදිය ඒ අතරින් කිහිපයකි.

                ලෙන් විහාරයන් ගැන නොවුනත් එවැනිම ලාංකික ජන ජීවිතය හා බැඳී පවතින දැනට කෞතුක වස්තු ගොන්නට වැටුණු ඉදිකිරීමක්  වේ නම් ඒ හැඩනියවෙල අම්බලමයි.මේ නමට කරුණු කාරණා ගොනුවී ඇත්තේ ඉහත කී කථා නායකයාගේ එක් බිසවු කෙනෙකුන් ට අයත් හවරියක් නැතිවීම නිසාවෙනැයි ජනප්‍රවාදයේ එයි.

            ඒ කෙසේ වෙතත් මේ අම්බලමේ නිර්මාපකයා ඉතාම සෞන්දර්යවාදියෙකැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ.යක්කල රදාවාන මාර්ගයේ අඹගස්පිටිය වෙල් යායට මායිම්ව, අත්තනගලු ඔයේ වක්කලමක ඇති ගල් තලාවක් මත පිහිටා ඇති මෙය අම්බලමක්ද නොඑසේනම් වෙනත් කටයුත්තක් සඳහා යොදා ගත් තැනැක්දැයි කුකුස උපදවන සාධකද දැකගත හැක.එයට හේතුව ඔයේ ජල මට්ටම මැන ගත හැකි ජල මාපකයක් ලෙසද මෙම අම්බලමේ කණු භාවිතාකර තිබීමයි.ස්වාභාවික ගල්තලාව මත තවත් විශාල ගල් සතරක් මත මෙම ගොඩනැගිල්ල සාදා ඇත්තේ වත්මනෙහි පවා වාස්තුවිද්‍යාවෙහි නියැලෙන්නන්ට විශ්මයාර්ථයක් හඟවමින්.මෙම නිර්මිතය සඳහා යොදා ගෙන ඇති දැව කඳන් පෙර රජ දවස ඒවා වුවද පුදුමය නම් අදටද ඒවා නොනැසී පැවතීමයි.

            ඉතින් එපමණයි.මෙය තවත් බොහෝ කාලයක් ආරක්ෂාකර ගැනීම ඔබ අප සැමගේ වගකීමක් වේ.

No comments:

Post a Comment